
“අත්තම” වැඩසටහනට සමගාමීව නමුණුකුල රක්ෂිතය සහ ජල පෝෂක ප්‍රදේශ සුරැකීමේ ශ්‍රමදාන වැඩසටහන 🌿
“අත්තම” වැඩසටහනට සමගාමීව, පුහුල්වත්ත වසමට අයත් නමුණුකුල රක්ෂිතය ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීම හා පරිසර සංරක්ෂණය කිරීමේ අරමුණින්, රක්ෂිතය ආශ්‍රිතව ගිනිපටි නිර්මාණය කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
📅 දිනය: 2026.08.08
⏰ වේලාව: පෙ.ව. 8.00
📍 ස්ථානය: ගෝනකැලේ දෙමළ විද්‍යාලයට ඉහළින් පිහිටි නමුණුකුල රක්ෂිතය ආශ්‍රිත ප්‍රදේශය
මෙම වැඩසටහන මඟින් ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීම, පරිසර සංරක්ෂණය සහ වන ගිනි අවදානම අවම කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.
🤝 ප්‍රදේශවාසී ඔබ සැමගේ සක්‍රීය සහභාගීත්වය අපේක්ෂා කරමු.
නමුණුකුල රක්ෂිතය සහ ජල පෝෂක ප්‍රදේශ සුරැකීමේ මෙම සාමූහික මෙහෙවර සඳහා ඔබගේ වටිනා දායකත්වය ලබාදෙන මෙන් කාරුණිකව ආරාධනා කර සිටිමු.
🌱 එක්වෙමු – පරිසරය සුරකිමු – අනාගතය රැකගනිමු!
ගමි දහසක් - වැඩ දහසක්
ප්‍රජා ශක්ති - ශ්‍රීලංකාවෙි බහුමානික දරිද්‍රතාවය පිටු දැකීමෙි ජාතික වැඩසටහන යටතේ පස්සර ප්රාදේශීය ලේකම් කොටිඨාශයේ සපුරොද ග්‍රාම නිලධාරි වසමෙි දෙහිකිදවෙළ අමුණ හා ඇල සංවර්ධනය කිරීමෙි ව්‍යාපෘතිය අද දින (2026.06.02)වැඩ ආරම්භ කරන ලදි.
ඒ සදහා පස්සර සමිබන්ධීකරණ කමිටු ගරැ සභාපති කිටිනන් සෙල්වරාජ් මැතිතුමා ඇතුලු දේශපාලන නියෝජිතයින් ,නියෝජ්‍ය අධ්‍යක්ෂ අධ්‍යක්ෂකතුමිය(ක්‍රම සම්පාදන )ඇතුලු රාජ්‍ය නිලධාරීන්,ප්‍රජා සංවර්ධන සභා සමාජිකයින්,ගොවි සංවිධානයේ නිලධාරීන් හා ගොවි මහතුන්ගේ සහභාගිත්වයෙන් මෙම සමාරමිහක උත්සවය පවත්වන ලදි.

ආදරයේ උල්පත වූ අම්මා....
මා ඔබගේ, පුතු වූ .....
ඔබ මතු බුදුවන දවසේ ...
මා රාහුල කුමරුන් සේ ...
සෙවණ පතා, අද මෙන් පැමිණෙන්නෙමි
සුළඟිල්ලේ එල්ලී
සඳ දිය කොට කිරි වතුරෙන්
ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක්වත්
නැලවිලි ගීයෙන්
මතකයි මා නැළවුවා
ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී
ඒ ජීවිතයට කිරි දී පණ දී
මා දැඩි කළ අම්මා....
මාතෘත්වයේ අගය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන
පස්සර ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්තුමියගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් හා මඟපෙන්වීම මත, පරිපාලන නිලධාරීතුමිය සහ පරිපාලන ග්‍රාම නිලධාරීතුමාගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.
PANDA BABY ආයතනයේ අනුග්‍රහයෙන්, මුල් ළමාවිය සංවර්ධන නිලධාරීතුමිය හා සමාජ සත්කාර ඒකකයේ නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමාගේ ආරාධනය පරිදි කොට්ඨාසයේ ගර්භණී මව්වරුන් 120 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙය සංවිධානය කර තිබිණි.
රූපවාහිනී හා ගුවන් විදුලි ප්‍රවීණ වෛද්‍ය විද්‍යා උපදේශක, මනෝ චිකිත්සක කථිකාචාර්ය වෛද්‍ය අනුර අරඹගේ මහතාගේ සම්පත්දායකත්වයෙන් රසවින්දනාත්මක වැඩසටහනක් තුළින් මාතෘත්වයේ අගය හා වටිනාකම පිළිබඳ හරවත් දේශනයක් 2026/05/20 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී ඉතා සාර්ථකව පවත්වන ලදී.
මෙම වැඩසටහන සඳහා නන් අයුරින් සහය ලබා දුන් සැමට ස්තූතියි! 🙏🙏













