පස්සර ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පරමහංකඩ ග්රාම නිලධාරී වසමේ, කිරිමැටිය ගම්මානයේ පදිංචි සමරකෝන් මහතාගේ ඉඩම ආපදා තත්ත්වය හේතුවෙන් අධි අවදානම් තත්ත්වයට පත්වීම හේතුවෙන් හිමි වූ රුපියල් ලක්ෂ 50ක වන්දි මුදල ලබාගත් අවස්ථාව. අදාළ වන්දි මුදලට හිමි චෙක්පත නාත්තන්ඩිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේදී සමරකෝන් මහතා වෙත ලබාදෙන ලදී.
මෙම වන්දි මුදල කඩිනමින් ලබාදීමට අවශ්ය රාජකාරි කටයුතු පස්සර ප්රාදේශීය ලේකම් කාර්යාලය මගින් කඩිනමින් සිදුකිරීමත්, අදාළ ආයතන හා නිලධාරීන් සමඟ සිදුකළ කාර්යක්ෂම සම්බන්ධීකරණයත් හේතුවෙන් මෙම සහනය කඩිනමින් ලබාදීමට හැකි විය
 
 
May be an image of studying, hospital and text

“අත්තම” වැඩසටහනට සමගාමීව නමුණුකුල රක්ෂිතය සහ ජල පෝෂක ප්‍රදේශ සුරැකීමේ ශ්‍රමදාන වැඩසටහන 🌿

“අත්තම” වැඩසටහනට සමගාමීව, පුහුල්වත්ත වසමට අයත් නමුණුකුල රක්ෂිතය ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීම හා පරිසර සංරක්ෂණය කිරීමේ අරමුණින්, රක්ෂිතය ආශ්‍රිතව ගිනිපටි නිර්මාණය කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

📅 දිනය: 2026.08.08
වේලාව: පෙ.ව. 8.00
📍 ස්ථානය: ගෝනකැලේ දෙමළ විද්‍යාලයට ඉහළින් පිහිටි නමුණුකුල රක්ෂිතය ආශ්‍රිත ප්‍රදේශය

මෙම වැඩසටහන මඟින් ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීම, පරිසර සංරක්ෂණය සහ වන ගිනි අවදානම අවම කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.

🤝 ප්‍රදේශවාසී ඔබ සැමගේ සක්‍රීය සහභාගීත්වය අපේක්ෂා කරමු.

නමුණුකුල රක්ෂිතය සහ ජල පෝෂක ප්‍රදේශ සුරැකීමේ මෙම සාමූහික මෙහෙවර සඳහා ඔබගේ වටිනා දායකත්වය ලබාදෙන මෙන් කාරුණිකව ආරාධනා කර සිටිමු.

🌱 එක්වෙමු – පරිසරය සුරකිමු – අනාගතය රැකගනිමු!

අත්තම වැඩසටහන
අත්තම වැඩසටහන

ගමි දහසක් - වැඩ දහසක්
ප්‍රජා ශක්ති - ශ්‍රීලංකාවෙි බහුමානික දරිද්‍රතාවය පිටු දැකීමෙි ජාතික වැඩසටහන යටතේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොටිඨාශයේ සපුරොද ග්‍රාම නිලධාරි වසමෙි දෙහිකිදවෙළ අමුණ  හා ඇල සංවර්ධනය කිරීමෙි ව්‍යාපෘතිය අද දින (2026.06.02)වැඩ ආරම්භ කරන ලදි.
ඒ සදහා පස්සර සමිබන්ධීකරණ කමිටු ගරැ සභාපති කිටිනන් සෙල්වරාජ් මැතිතුමා ඇතුලු දේශපාලන  නියෝජිතයින් ,නියෝජ්‍ය අධ්‍යක්ෂ අධ්‍යක්ෂකතුමිය(ක්‍රම සම්පාදන )ඇතුලු රාජ්‍ය නිලධාරීන්,ප්‍රජා සංවර්ධන සභා සමාජිකයින්,ගොවි සංවිධානයේ නිලධාරීන්  හා ගොවි මහතුන්ගේ සහභාගිත්වයෙන් මෙම සමාරමිහක උත්සවය පවත්වන ලදි.

පස්සර ප්රාදේශීය ලේකම් කාර්යාලයීය නිල WhatsApp Community වෙත සම්බන්ධ වීම
පස්සර ප්රාදේශීය ලේකම් බලප්රදේශයේ වසම් 41 ක සමස්ත ජනතාව වෙත වඩාත් කාර්යක්ෂමව, නිවැරදිව සහ කඩිනමින් තොරතුරු/දැනුවත් කිරීම් ලබාදීම සඳහා නව WhatsApp Community එකක් නිර්මාණය කර ඇත.
ඔබගේ වසමට අදාළ සියලුම නිල තොරතුරු සෘජුවම ලබාගැනීම සඳහා පහත උපදෙස් පිළිපදිමින් අදම මෙයට සම්බන්ධ වන්න.
📌 සම්බන්ධ වන ආකාරය (Instructions):
පියවර 01: පහත දැක්වෙන QR කේතය (QR Code) ස්කෑන් කර හෝ ලබා දී ඇති ලින්ක් එක මඟින් ප්රධාන WhatsApp Community එක වෙත පිවිසෙන්න.
පියවර 02: Community එක තුළ ඇති සමූහ (Groups) අතරින් ඔබ පදිංචි වසමට අදාළ ගෲප් එකට පමණක් සම්බන්ධ වීමට ඉල්ලීමක් (Join Request) යොමු කරන්න.
පියවර 03: ඔබගේ ඉල්ලීම පරීක්ෂා කර, අදාළ ග්රාම නිලධාරිතුමා/තුමිය හෝ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් ඔබව එම වසමේ නිල ගෲප් එකට ඇතුළත් කරනු ඇත.
⚠️ විශේෂ උපදෙස් (Strict Rules):
🔴 තමන්ගේ වසමට පමණක් සම්බන්ධ වන්න: ඔබ පදිංචි ස්ථිර වසමට අදාළ ගෲප් එකට පමණක් සම්බන්ධ විය යුතු අතර, වෙනත් කිසිදු වසමක ගෲප් එකකට සම්බන්ධ වීමෙන් වළකින්න.
🔴 පෞද්ගලික පණිවිඩ (Private Messages) එවීමෙන් වළකින්න: ගෲප් එකේ සිටින පරිපාලකවරුන් (Admins) වෙත හෝ අනෙකුත් සාමාජිකයන් වෙත අනවශ්ය ලෙස පෞද්ගලික පණිවිඩ (Inbox Messages) යැවීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්න.
🔴 නිල තොරතුරු පමණයි: මෙම සමූහය භාවිත කරනු ලබන්නේ රාජ්ය නිවේදන සහ ජනතා දැනුවත් කිරීම් සඳහා පමණි.
සම්බන්ධ වීමට ඔබගේ දුරකථන කැමරාවෙන් හෝ WhatsApp එකෙන් මෙම QR කේතය ස්කෑන් කරන්න
හෝ පහත ලින්ක් එක ක්ලික් කරන්න: https://chat.whatsapp.com/Gk8o5Kp7COACy9EWMTOPlo

 adobe-express-qr-code.png
ප්රාදේශීය ලේකම් කාර්යාලය - පස්සර.

ආදරයේ උල්පත වූ අම්මා....
මා ඔබගේ, පුතු වූ .....
ඔබ මතු බුදුවන දවසේ ...
මා රාහුල කුමරුන් සේ ...
සෙවණ පතා, අද මෙන් පැමිණෙන්නෙමි
සුළඟිල්ලේ එල්ලී

සඳ දිය කොට කිරි වතුරෙන්
ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක්වත්
නැලවිලි ගීයෙන්
මතකයි මා නැළවුවා
ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී
ඒ ජීවිතයට කිරි දී පණ දී
මා දැඩි කළ අම්මා....

මාතෘත්වයේ අගය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්තුමියගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් හා මඟපෙන්වීම මත, පරිපාලන නිලධාරීතුමිය සහ පරිපාලන ග්‍රාම නිලධාරීතුමාගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.

PANDA BABY ආයතනයේ අනුග්‍රහයෙන්, මුල් ළමාවිය සංවර්ධන නිලධාරීතුමිය හා සමාජ සත්කාර ඒකකයේ නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමාගේ ආරාධනය පරිදි කොට්ඨාසයේ ගර්භණී මව්වරුන් 120 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙය සංවිධානය කර තිබිණි.

රූපවාහිනී හා ගුවන් විදුලි ප්‍රවීණ වෛද්‍ය විද්‍යා උපදේශක, මනෝ චිකිත්සක කථිකාචාර්ය වෛද්‍ය අනුර අරඹගේ මහතාගේ සම්පත්දායකත්වයෙන් රසවින්දනාත්මක වැඩසටහනක් තුළින් මාතෘත්වයේ අගය හා වටිනාකම පිළිබඳ හරවත් දේශනයක් 2026/05/20 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී ඉතා සාර්ථකව පවත්වන ලදී.

මෙම වැඩසටහන සඳහා නන් අයුරින් සහය ලබා දුන් සැමට ස්තූතියි! 🙏🙏

Event Photo Event Photo Event Photo Event Photo Event Photo Event Photo Event Photo

News & Events

25
අගෝ2026
ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් කඩිනම් සහන...

ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් කඩිනම් සහන...

පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පරමහංකඩ ග්‍රාම...

10
ජූලි2026
පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිල WhatsApp Community

පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිල WhatsApp Community

පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිල WhatsApp Community...

03
ජූනි2026
ගමි දහසක් - වැඩ දහසක්

ගමි දහසක් - වැඩ දහසක්

ගමි දහසක් - වැඩ දහසක්ප්‍රජා ශක්ති -...

26
මැයි2026
ආදරයේ උල්පත වූ අම්මා....

ආදරයේ උල්පත වූ අම්මා....

ආදරයේ උල්පත වූ අම්මා.... මා ඔබගේ, පුතු...

18
මැයි2026
පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව පරිපාලන ග්‍රාම නිලධාරීතුමා වැඩ භාරගනී

පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව පරිපාලන ග්‍රාම නිලධාරීතුමා වැඩ භාරගනී

පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව පරිපාලන ග්‍රාම...

11
මැයි2026
Emergency Alerts  🚨 නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම 🚨

Emergency Alerts 🚨 නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම 🚨

UPDATE 1🚨 🚨 නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ...

04
මැයි2026
දෙටුපුර අපේ අවුරුදු දා හෙලයේ මහා සූර්ය  මංගල්‍ය හා නෑගම් යාමේ චාරිත්‍රය.....

දෙටුපුර අපේ අවුරුදු දා හෙලයේ මහා සූර්ය මංගල්‍ය හා නෑගම් යාමේ චාරිත්‍රය.....

ඌව පලාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් පස්සර...

23
මාර්2026
පූර්ව ළමාවිය සංවර්ධනයේදී පෙර පාසල් ගුරුවරියන්ගේ කාර්යභාරය...

පූර්ව ළමාවිය සංවර්ධනයේදී පෙර පාසල් ගුරුවරියන්ගේ කාර්යභාරය...

පූර්ව ළමාවිය සංවර්ධනයේදී පෙර පාසල් ගුරුවරියන්ගේ කාර්යභාරය,...

19
ජන2026
ජනාධිපති අරමුදලේ වෛද්‍යධාර ගෙවීම්....

ජනාධිපති අරමුදලේ වෛද්‍යධාර ගෙවීම්....

ජනාධිපති අරමුදලේ වෛද්‍යධාර ගෙවීම් දෙවන චෙක්පත පස්සර...

26
අගෝ2024
බුද්ධාභි වන්දනා පොසොන් කලාපය - 202

බුද්ධාභි වන්දනා පොසොන් කලාපය - 202

  පස්සර ශාසනාරක්ෂක මණ්ඩලය , පස්සර ප්‍රාදේශීය...

28
පෙබ2024
“තොරතුරු කේන්ද්‍රය ”

“තොරතුරු කේන්ද්‍රය ”

“තොරතුරු කේන්ද්‍රය ”   පස්සර ප්‍රාදේශීය ලේකම්...

28
පෙබ2024
නිදහස් දින සැමරුම - 2024

නිදහස් දින සැමරුම - 2024

    76 වන නිදහස් සමරු උළෙලට...

02
ජන2024
දහම් ගුරු අභිමානී උපහාර ප්‍රණාම 2023

දහම් ගුරු අභිමානී උපහාර ප්‍රණාම 2023

  පස්සර ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලය සහ ප්‍රාදේශීය...

23
නොවැ2022
සාහිත්‍ය කලා උත්සවය - 2022

සාහිත්‍ය කලා උත්සවය - 2022

  ප්‍රාදේශීය සාහිත්‍ය උළෙල - 2022 ========================...

29
ජූනි2022
ඉන්දියානු සහනාධාර ලෙස ලැබුණු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය  බෙදා දීම

ඉන්දියානු සහනාධාර ලෙස ලැබුණු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීම

ඉන්දියානු සහනාධාර ලෙස ලැබුණු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය...

17
ජූනි2022
පුණ්‍ය මාතා වැඩ සටහන

පුණ්‍ය මාතා වැඩ සටහන

     පස්සර ප්‍රාදේශීය ලේකම් තුමියගේ අදහසක්...

17
ජූනි2022
ශ්‍රද්ධාංජලී බැති ගී සරණිය

ශ්‍රද්ධාංජලී බැති ගී සරණිය

  2022 පොසොන් පොහෝය නිමිති කොටගෙන පස්සර...

17
ජූනි2022
ශ්‍රද්ධාභීවන්දනා පුණ්‍ය මහෝත්සවය

ශ්‍රද්ධාභීවන්දනා පුණ්‍ය මහෝත්සවය

  more images...................  අප්‍රේල් මස 01 සහ...

24
පෙබ2022
 නව සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය වැඩ බාර ගැනීම

නව සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය වැඩ බාර ගැනීම

පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව සහකාර ප්‍රාදේශීය...

News & Events

25
අගෝ2026
ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් කඩිනම් සහන...

ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් කඩිනම් සහන...

පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පරමහංකඩ ග්‍රාම...

10
ජූලි2026
පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිල WhatsApp Community

පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිල WhatsApp Community

පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිල WhatsApp Community...

03
ජූනි2026
ගමි දහසක් - වැඩ දහසක්

ගමි දහසක් - වැඩ දහසක්

ගමි දහසක් - වැඩ දහසක්ප්‍රජා ශක්ති -...

26
මැයි2026
ආදරයේ උල්පත වූ අම්මා....

ආදරයේ උල්පත වූ අම්මා....

ආදරයේ උල්පත වූ අම්මා.... මා ඔබගේ, පුතු...

18
මැයි2026
පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව පරිපාලන ග්‍රාම නිලධාරීතුමා වැඩ භාරගනී

පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව පරිපාලන ග්‍රාම නිලධාරීතුමා වැඩ භාරගනී

පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව පරිපාලන ග්‍රාම...

Scroll To Top